Citizen.lk
 

කෝලි ප්‍රමුඛ බැංගලූර් පිල මුම්බායි ඉන්දියන්ස් පිලේ මෙවර IPL සිහිනය බොද කරයි - වීඩියෝ

කෝලි ප්‍රමුඛ බැංගලූර් පිල මුම්බායි ඉන්දියන්ස් පිලේ මෙවර IPL සිහිනය බොද කරයි - වීඩියෝ | IPL 2018 RCB vs MI
Wed 02 May 2018 8:30 am
708 views

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර IPL ක්‍රිකට් තරගාවලියේදී බැංගලෝර්හිදී ඊයේ (1 වැනිදා) පැවැති තරඟයෙන් ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළේය. එහිදී බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් ද, විරාත් කෝලී පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළේය.

ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 03දී හයේ පහර 03 එල්ල කළ කොලින් ඩී’ග්‍රැන්ඩ්හෝම්, පන්දු 10 කදී නොදැවී ලකුණු 23 ක් රැස්කිරීමට සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි.

හර්ඩික් පාණ්ඩ්‍යා පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළද ජයග්‍රහණය සදහා එය ප්‍රමාණවත් නොවීය. මේ අනුව IPL තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරාත්තු මුම්බායි පිලෙන් ගිලිහී ගොස් තිබේ. ඔවුන් මුහුණ දුන් තරඟ 8න් ජයගෙන ඇත්තේ තරඟ 02ක් පමණයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News