Citizen.lk
 

ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රවේශපත් වසරකට පෙර වෙළඳපලට

ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රවේශපත් වසරකට පෙර වෙළඳපලට | Cricket World Cup 2019 Tickets Release Before 1 year
Wed 09 May 2018 11:31 am
290 views

ලබන වසරේ (2019) මැයි 30 වැනිදා සිට ජුලි 14 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ඊයේ (08 සිට අලෙවිය සඳහා විවෘත කළ අතර, ජුනි 01 දක්වා එම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මස 16 වැනිදා පැවැත්වෙන ඉන්දියා හා පාකිස්තාන තරගය නැරඹීම සඳහා බොහෝ දෙනකු දැඩි කැමැත්තක් දක්වන බැවින් මෙම තරගයේ ප්‍රවේශ පත්‍ර ඉක්මනින්ම අලෙවිවීමට ඉඩ ඇති බවද දැනගන්නට ලැබෙනවා.

ඉන්දියාව පාකිස්තානය සමඟින් තරග වදින හැම අවස්ථාවකම යම් සිදුවීම් සමුදායකට මඟ පාදන බැවින් මෙම තරගය "මුදල් ගලා එන උල්පතක්" ලෙසද බොහෝ දෙනකු පෙන්වා දී ඇත්තේ මෙම තරගය නැරඹීම සඳහා ඊයේ සිටම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට වැඩි ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඉදිරිපත් වී ඇති නිසාවෙනුයි.

එහිදී පවුම් 20ක වටිනාකමකින් යුත් ප්‍රවේශ පත්‍ර ලක්‍ෂ දෙකක්ද, පවුම් 50ක වටිනාකමකින් යුත් ප්‍රවේශ පත්‍ර අසූ දහසක්ද මේ වනවිට අලෙවිය සඳහා නිකුත් කර ඇති නමුත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News