Citizen.lk
 

දැවැන්ත ජයක් සමඟින් මුම්බායි පිල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට - අම්බානිගේ මුදල්වලට ජය හිමිවූ බවට ක්‍රීඩා ලෝලීන්ගෙන් සරදම් - වීඩියෝ

දැවැන්ත ජයක් සමඟින් මුම්බායි පිල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට - අම්බානිගේ මුදල්වලට ජය හිමිවූ බවට ක්‍රීඩා ලෝලීන්ගෙන් සරදම් - වීඩියෝ | M41 KKR vs MI – Match Highlights  Indian Premier League
Thu 10 May 2018 10:32 am
9,713 views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (9) පැවැති තරගයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 210 ක් රැස්කළේය.

එහිදී වේගවත් පිතිරඹයක නිරත වූ ඉෂාන් කිෂන් පන්දු 21 කින් ලකුණු 62 ක් රැස්කළ අතර ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.පන්දු 17කින් ඔහු රැස්කළ අර්ධ ශතකය මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකයද විය.

මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට පැමිණීමට මුම්බායි පිල සමත්වුණු අතර ඇතැම් ක්‍රීඩා ලෝලීන් ඔච්චමට මෙන් පවසා සිටියේ මුම්බායි පිලේ හිමිකර වන මුකේෂ් අම්බානි විසින් මුදල් වියදම් කර මෙම තැනට කණ්ඩායම ගෙන එන්නට ඇති බවයි...

මේ ඊයේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි......

 

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News