Citizen.lk
 

ඊශ්‍රායලයෙන් සිරියාවට දරුණු ප්‍රහාරයක් - මිසයිල ප්‍රහාරයෙන් රේඩාර් පද්ධතිය විනාශවෙයි

ඊශ්‍රායලයෙන් සිරියාවට දරුණු ප්‍රහාරයක් - මිසයිල ප්‍රහාරයෙන් රේඩාර් පද්ධතිය විනාශවෙයි | Iran targets Israeli bases across Syrian frontier, Israel pounds Syria
Thu 10 May 2018 11:30 am
476 views

සිරියානු ගුවන් ආරක්ෂක මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන, රේඩාර් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩාවන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අද (10) මිසයිල් ප්‍රහාරයක් එල්ල කල බව සිරියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

එම මිසයිල ප්‍රහාරයන් ගෙන් ඇතැම් ඒවා බිම හෙලීමට සිරියාව සමත්ව තිබෙන අතර ඇතැම් මිසයිල නියමිත ඉලක්ක වලට එල්ලවී තිබෙන බවයි පැවසෙන්නේ.

ඊශ්‍රායෙල් මිසයිල් ප්‍රහාරයෙන් සිරියානු රේඩාර් මධ්‍යස්ථානයක්ද විනාශවූ බවට එරට මාධ්‍ය විසින්ද තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඊශ්‍රායාලය සඳහන් කලේ ගෝලියාන් කදුකරයේ පිහිටි තම හමුදා කදවුරු වෙතට සිරියාවේ රජයේ හමුදාවන්ට සහය දක්වන ඉරාන අල්-කුඩ්ස් සටන්කාමින් විසින් මිසයිල් ප්‍රහාර 20ක් එල්ල කල බවයි.

ඊශ්‍රායාලය මිට පෙර සිරියාවට අනතුරු අඟවා තිබුනේ සිය ගුවන් යානා වලට සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් මොනයම් හෝ අනතුරක් එල්ල වුවහොත් එයට ප්‍රති උත්තර දීමට තමන් පසුබට නොවන බවයි.

 

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News