Citizen.lk
Citizen News Line
 

සුපර් ඩීසල් හා පෙට්‍රල් වෙනස් වෙයි - නැවතත් මිළ ඉහළ යන ලකුණු

සුපර් ඩීසල් හා පෙට්‍රල් වෙනස් වෙයි - නැවතත් මිළ ඉහළ යන ලකුණු | euro 4 petrol Sri Lanka
Mon 14 May 2018 8:42 am
996 views

දැනට අලෙවි කෙරෙන සුපර් පෙට්ට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙළදපලෙන් ඉවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

මේ අතර ඒ වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන වර්ගයක් වෙළදපලට හදුන්වාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා. යූරෝ ෆෝ නැමති සුපිරි පෙට්ට‍්‍රල් සහ සුපිරි ඞීසල් වර්ග මෙහිදී හඳුන්වාදීමට නියමිත අතර මෙම ඉන්ධන වර්ගය සඳහා ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක්ද පවතිනවා. එහි කිසිඳු අපද්‍රව්‍යයක් කලවම් වී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන අතර දැනට තීරණය කර ඇති පරිදි එළඹෙන ජූලි මස පළමු වැනිදා සිට මෙම ඉන්ධන මෙරට ඉන්ධන පිරවුම්හල්වලින් ජනතාව වෙත ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

ඔන්ටේන් 95 වර්ගයේ සුපර් පෙට්ට‍්‍රල් ලීටරයක් දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 148 ටයි. සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 119ක්.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ හදුන්වාදෙන යූරෝ ෆෝ නැමැති සුපිරි පෙට්ට‍්‍රල් සහ සුපිරි ඩීසල් ඉන්ධන වර්ගවල මිල මීට වැඩිවිය හැකි බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News