Citizen.lk
Citizen News Line
 

මුහුණු පොතෙන් හඳුනාගෙන සුපිරි හෝටලයක දැමූ මත්පැන් සාදයට අවසානයේ සිදු වුන දේ

මුහුණු පොතෙන් හඳුනාගෙන සුපිරි හෝටලයක දැමූ   මත්පැන් සාදයට අවසානයේ සිදු වුන දේ  | face book party hikkaduwa
Mon 14 May 2018 11:03 am
304 views

හික්‌කඩුව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන් පිරිසක්‌ විසින් පවත්වාගෙන යමින් තිබූ සාදයක්‌ වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 07 දෙනකු හා අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වූ පුද්ගලයන් 12 දෙනකු ඊයේ (13 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් බැව් මීටියාගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 16 දෙනෙකු හා තරුණියන් තිදෙනෙකු සිටින බවද මිටියාගොඩ පොලිසිය කියයි. අනුරාධපුරය, නොච්චියාගම, තඹුත්තේගම, කොළඹ ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි 150 කට අධික පිරිසක්‌ මෙම සාදයට සහභාගි වී ඇත. මෙකී සාදය සංවිධානය කළ පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගංජා, මත්ද්‍රව්‍ය දමා සැදූ ලොලිපොප් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව පොලිසිය කියයි. මෙකී හෝටලය කුලී පදනම මත ලබාදී ඇති බැව් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දකුණු පළාත් භාර ඡේෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඩබ්ලිව්. එස්‌. ප්‍රනාන්දු, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති චන්දන අලහකෝන්, ඇල්පිටිය පොලිස්‌ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මීටියාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති තුෂාර මංජුල, බද්දේගම හා කරන්දෙණිය යන පොලිස්‌ ස්‌ථානවල ස්‌ථානාධිපතිවරුන් ඇතුළු පොලිස්‌ නිලධාරීන් 75 දෙනකු මෙකී වැටලීමට එක්‌ව ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News