Citizen.lk
 

රග්බි සෙල්ලම් කරන්න ආ ක්‍රීඩකයා ලංකාවේදී මියයයි

රග්බි සෙල්ලම් කරන්න ආ ක්‍රීඩකයා ලංකාවේදී මියයයි | Rugby Player Dead in Sri Lanka
Mon 14 May 2018 1:26 pm
314 views

සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා. කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක් පසුගිය සතියේ මෙරටට පැමිණි අතර පොලීසිය පැවසුවේ, පසුගිය 12 වන දා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති එම සුහද තරගාවලියකට ඔවුන් සහභාගී වී ඇති බවයි.

ඔවුන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබෙන අතර අනතුරුව ඔවුන් නැවති සිටි හෝටලයට පැමිණ රාත්‍රී 10. 30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර ඊයේ දිනයේ අලුයම 4 ට පමණ හෝටලයට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකු උදෑසන 10 ට පමණ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන අතර පසුව ඔහු දහවල් 12ට පමණ මියගොස් තිබෙනවා.

මිය ගිය ක්‍රීඩකයා වයස අවුරුදු 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇනඩෘ නම් අයෙකු වන අතර අනෙක් ක්‍රීඩකයා අසාධ්‍ය තත්ත්වයෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් යන පුද්ගලයෙකි.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News