Citizen.lk
 

සිත හදන තුරු ජාතික මෙහෙවරෙහි සමාරම්භය සනිටුහන් වූ වගයි

සිත හදන තුරු ජාතික මෙහෙවරෙහි සමාරම්භය සනිටුහන් වූ වගයි | sitha hadana thuru
Tue 15 May 2018 12:15 pm
368 views

 

 'සිත හදන තුරු' ජාතික මෙහෙවරෙහි සමාරම්භය යාපනය කලා ආයතන ප්‍රධාන ශාලාවේදී සනිටුහන් කෙරුණා.

සිත හදන තුරු ජාතික මෙහෙවර, ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් සහෝදර චාර්ල්ස් තෝමස් ප්‍රමුඛ දහම් පහණ හා එක්වයි සිත FM ගුවන්විදුලිය සංවිධානය කරනුයේ.

'සිත හදන තුරු' සමාරම්භක අවස්ථාවට දහම් පහණ නිර්මාතෘ චාල්ස් තෝමස් පියතුමා, ශ්‍රී ලංකා යුධ හමුදාවේ යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සමග Sky මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී අසංක අලහකෝන් මහතා ඇතුළු සිත FM කාර්ය මණ්ඩලයේ නියෝජනයන් අතුළු පිරිසක් සහභාගී වුවා.

සිත හදන තුරු ජාතික වැඩ පිළිවෙළ යටතේ යාපනයේ පවුල් 2000ක් වෙනුවෙන් පොල් පැළ 10000ක් පිරිනැමෙනවා.
ඒ සදහා ඔබටත් දායකවිය හැකියි.
ඔබේ පරිත්‍යාග නුගේගොඩ DFCC බැංකුවේ ගිණුම් අoක 002115004145 ට බැරකළ හැකියි.

සියලු පොල් පැළ ලබා ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොල් වගාකිරීමේ මණ්ඩලයෙන්.
පැළයක මිල රුපියල් 175ක්.

සිත හදන තුරු ජාතික මෙහෙවරෙහි සමාරම්භක අවස්ථාවේ සංකේතාත්මකව යාපනෙයේ පවුල් 400ක් වෙනුවෙන් පොළ් පැළ 2000ක් පරිත්‍යාග කෙරුණා.

ඊට සමගාමීව යාපනයේ ජනතාව වෙනුවෙන් පාපැදි, මැහුම් උපකරණ කට්ටල, සනීපාරක්ෂක කට්ටල මෙන්ම දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ද පිරිනැමුණා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News