Citizen.lk
 

ඇඳ සිටි ඇඳුම ජංගම දුරකථනය කැලයක - දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයට පැමිණි චීන ජාතිකයා අතුරුදහන්

ඇඳ සිටි ඇඳුම ජංගම දුරකථනය කැලයක  -  දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයට පැමිණි චීන ජාතිකයා අතුරුදහන් | china people missing
Tue 15 May 2018 6:13 pm
408 views

පසුගිය 12 වැනිදා මෙලෙස අතුරුදහන් වී ඇත්තේ 33 හැවිරිදි ජියාන්තාවෝ නැමති වැඩබිම් සේවකයකු වන අතර ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ මේ මස 11 වන දින රාත්‍රීයේ දී වන අතර අධිවේගි මාර්ගයේ කාලාප අංක 4 හි පසුගිය දා උදෑසන සිට සේවය කර ඇති අතර රාතී‍්‍ර කාලයේ මොහු නවාතැන් ගෙන සිටි නැවතැන් පොළෙහි දක්නට නොමැති වීමෙන් ඒ පිළිබඳව තිහගොඩ පොලීසිය වෙත පැමිණිලි කොට ඇත.

ඒ අනුව සිදු කළ පරික්ෂණවලදි 12 වන දින රාත්‍රී 9ට පමණ ඔහු නවැතැන් ගෙන සිටින ස්ථානයට මදක් දුරින් පිහිටි නිවෙසක් වෙත ගොස් වතුර විදුරුවක් ඉල්ලා ඇති බවත් ඉන් අනතුරුව දන්දෙණිය රක්ෂිතයේ තඹගල්ල කොටස දෙසට ඇවිද ගොස් ඇති බවත් පොලීසිය අනාවරණය කර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දන්දෙණිය රක්ෂිතයේ තඹගල්ල කොටසේ ඊයේ(14) දිනයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී ස්ථාන කිහිපයක තිබි ඔහුට අයත් යැයි සැකකෙරන ජංගම දුරකථනය, පාවහන් යුගල හා ඔහු ඇඳ සිටි ඇඳුම හමු වී තිබේ.

අද(15) දිනයේ ද මාතර පිහිටි තුන් වන ගැමුණු හේවා බලකා කදවුරේ භට පිරිස් කණ්ඩායම් 6ක් ද, තිහගොඩ පොලිසියේ පොලිස් නිලධාරින් හා ගම්වාසින්ගේ ද එක්ව රක්ෂිතය තුළ සෝදිසි මෙහෙයුම් දියත් කළ ද අද දහවල් වන තුරු අතුරුදහන් වි සිටින චීන ජාතිකයා පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News