Citizen.lk
Citizen News Line
 

කොළඹ නගරාධිපති රෝසි සේනානායක නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණයට මිලියන 5.7ක් ලබා දීමට අනුමැතිය

කොළඹ නගරාධිපති රෝසි සේනානායක  නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණයට මිලියන 5.7ක්  ලබා දීමට අනුමැතිය |  rosi senanayke official residence 5 million  Approval
Wed 16 May 2018 5:00 pm
293 views

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි. මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News