Citizen.lk
 

මහ පාන්දර ආපු හොරෙකු සොයා යන කොරා - Photos

 මහ පාන්දර ආපු හොරෙකු  සොයා යන කොරා - Photos  | hatton robbery mission cora
Thu 17 May 2018 11:21 am
413 views

හැටන් නගරයේ ප්‍රධාන විදියේ තොග සහ සිල්ලර වෙළදසැලක් කඩා ඇතුල් විමට උත්සහ කල සැකකරුවෙකු සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

අද(17) අලුයම 3 - 4 ත් අතර කාලයේ කුඩා යකඩ ඉන්නයකින් එම වෙළදසැලේ ඉබි තුනක් කඩා වෙළදසැල් තුලට සැකකරු ඇතුල් විමට උත්සහ කර ඇති අතර එම ඉබි දමා තිබු කොන්ඩිපට්ටමක් හිර විම නිසා සැකකරුගේ උත්සහය ව්‍යාප්ත වි ඇත.

හැටන් නගරයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටින පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරින් එම වෙළදසැලේ තබා ඇති වේලාව සටහන් කරන පොත අත්සන් කිරිමට යාමේදි වෙළදසැල කඩා ඇති බව දැනගෙන ඒ බැව් වෙළදසැල අයිතිකරුට දැනුම් දි ඇත.

හැටන් පොලිස් සුනඛ අංශයේ කොරා සුනඛයාගේ සහයෝගය සහ අවට වෙළදසැල් වල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධති වල පටිගත වි ඇති දර්ශන ඔස්සේ සැකකරු හදුනාගැනිමට ගැනිමට පොලිසිය කටයතු කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News