Citizen.lk
 

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි | The Women’s Chamber of Industry and Commerce begins the search for The Woman Entrepreneur of Year 2017
Thu 17 May 2018 1:05 pm
999 views

පසුගියදා පැවති උත්සවයකදී ‘වසරේ ව්‍යවසායිකාව 2017’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කටයුතු කළේ ය. ලාභ ඉපැයීමෙන් තොර සංවිධානයක් ලෙස ක‍්‍රියාත්මක වන කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙරට ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සඳහා පදනමක් සැපයීම සහ ඔවුන්ට හඬක් ලබාදීම යන අරමුණු මූලික කරගෙන කටයුතු කරයි.

වසර දෙකකට වරක් පැවැත්වෙන ‘වසරේ ව්‍යවසායිකාව’ වැඩසටහන, ව්‍යාපාරික ලෝකය තුළ කැපීපෙනෙන කාන්තාවන් ඇගයීම සඳහා හඳුන්වා දෙන ලද වැඩසටහනකි. එමෙන්ම එය කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සහ ලොව පිළිගත් ක‍්‍රමවේද භාවිතා කිරීම සඳහා දිරිදෙයි. සම්මාන ප‍්‍රදානයෙන් අනතුරුව ජයග‍්‍රාහිකාවන් සඳහා විශේෂ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර එහිදී එම කාන්තාවන්ට තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙනු ලැබේ.

‘‘මෙම වැඩසටහන දිවයිනේ සියලූම නගර හා ගම් දනව් වල වෙසෙන ව්‍යාපාරික කාන්තාවන් සඳහා විවෘතයි. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන තම සාර්ථකත්වයට නිසි ඇගයීම ලබාගැනීමට සහ තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීමට පෙරට එන මෙන් මා රටේ සියලූම ව්‍යවසායිකාවන්ට ආරාධනා කරනවා.” කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චතුරි රණසිංහ මහත්මිය පැවසුවා ය.

මෙම සම්මාන වැඩසටහන තුළදී ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර, කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, විශාල පරිමාණ ව්‍යාපාර සහ අතිවිශාල පරිමාණ ව්‍යාපාර යන කාණ්ඩ යටතේ රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමේ. එමෙන්ම අයදුම්කාරියන් සියලූම දෙනා ‘වසරේ ව්‍යවසායිකාව’, ‘වසරේ තරුණ ව්‍යවසායිකා’ සහ ‘වසරේ විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය’ යන සම්මාන සඳහා සලකා බලනු ලැබීමටද සුදසුකම් ලබති.

‘‘මෙම වසරේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ආබාධිත කාන්තාවන් සඳහා The Most Positively Able Woman of the Year නමින් විශේෂ කාණ්ඩයක්ද හඳුන්වා දී තිබෙනවා. තම ආබාධයන් නිසා එල්ල වූ බාධක ජයගනිමින් සාර්ථකත්වය කරා පියනැගූ කාන්තාවන් ඇගයීම මෙහි අරමුණයි.” චතුරි රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

සම්මාන සඳහා සුදසුකම් ලැබීමට නම් අයදුම්කාරියන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ප‍්‍රවර්ධනය කිරීම හෝ වසා දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීම වැනි කටයුත්තකට දායක වූ අයෙකු විය යුතු වේ. අදාළ ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ ලියාපදිංචි වූ ව්‍යාපාරයක් විය යුතු අතර වසර 3 ක් හෝ ඊට වැඩි කාලයක් සක‍්‍රීයව පැවතී තිබිය යුතු ය.

සම්මාන සඳහා අයදුම්පත් 2018 මැයි මස 16 වන දින සිට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ලේක්ම් කාර්යාලයෙන් හෝ www.wcicsl.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ. 011 2671762 අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News