Citizen.lk
 

දූවරු දෙදෙනාට වඩා හදාගත් පිරිමි දරුවාට සැමියා ආදරය කළා - ඒක මට ඉවසන්න බැරි වුණා

දූවරු දෙදෙනාට වඩා හදාගත් පිරිමි දරුවාට සැමියා ආදරය කළා - ඒක මට ඉවසන්න බැරි වුණා | Mother Beat & Killed 2 year old baby maligawatta
Thu 17 May 2018 3:52 pm
3,736 views

මාළිගාවත්තේ දෙහැවිරිදි දරුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා. රුධිරගත සීනි ප්‍රමාණය වැඩිවී මියගිය බවට අඟවා අවසන් කටයුතු සිදුකිරීමට යාමේදී පොලීසිය එය වළක්වා මරණයේ අභිරහස සොයාගත් අතර පසුව කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවුණේ දරුවාගේ නියම මව සහ පියා දැනට විදේශගතව සිටින බවයි.

එසේම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව සහ පියා බවට හැඟවූ මාළිගාවත්ත මහල් නිවාසයේ පදිංචි යුවළ මේ මස 24 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. දරුවාගේ සිරුරේ තිබූ තුවාලයක් පිළිබඳ සැක සිතමින් දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීම අධිකරණ නියෝගයක් හරහා පොලීසිය වළක්වනු ලැබූ අතර පසුව මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණා.

එහිදී අනාවරණය වූ කරුණු අනුව මෙම දරුවාගේ බහුවිධ මොට තුවාල ඇති බවත් ඒ නිසාවෙන් ඔහු මියගොස් ඇති බවත් නිගමනය කෙරුණා. විවිධ කාලවකවානු තුළ එම තුවාල සිදුව ඇති බවටත්, ඒවා සාහසික ක්‍රියාවන් බවටත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වුණා.

මේ අනුව දරුවා ළඟ තබාගත් යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එහිදී ඔවුන්ගේ ප්‍රකාශයන්ට අනුව හෙළි වී ඇත්තේ සිද්ධියටක සම්බන්ධ සැකකාරිය මීට පෙර විවාහ දෙකක් සිදුකරගෙන ඇති බවයි. ඇයට වයස අවුරුදු 10 ක සහ අවුරුදු 6 ක දැරියන් දෙදෙනෙකුද සිටින බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

තොටළඟ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්වෙමින් සිටියදී අසල්වැසි යුවළකට දාව දරුවා බිහිව ඇති බවත් මරණයට පත්වූ දරුවා ඇයගේ නොවන බවත් ඔවුන් ඔහුව හදාවඩාගෙන ඇත්තේ කිසිදු නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියකින් තොරව බවත් පොලිසිය විසින් වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම මෙම දරුවාට උප්පැන්න සහතිකයක් පවා සකස් කර නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර දරුවාට පහරදීමට හේතුව තම සැමියා දියණියන් දෙදෙනාට වඩා පිරිමි දරුවාට ආදරය කළ නිසා බවට සැකකාරිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News