Citizen.lk
Citizen News Line
 

ලංකාවේ ප්‍රදේශ කිහිපයකට කෘත්‍රිම වැසි වස්සන්න යයි

ලංකාවේ ප්‍රදේශ කිහිපයකට කෘත්‍රිම වැසි වස්සන්න යයි | chemical rain Sri Lanka
Thu 17 May 2018 4:46 pm
202 views

කෘතිම වැසි ලබා ගැනීමට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ චීන රජය සමඟ සාකච්ඡා කොට තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වැසි නොමැති කාලවලදී ගොවීන්ට තම වගා කටයුතු කරගැනීමට ඇති ගැටළුවට විසදුමක් වශයෙනුයි.

චීන තානාපති චෙන් ෂුවාන් ඇතුළු දූත පිරිස සමඟ කළ සාකච්ඡාවකින් පසු එම දූත පිරිස නුවර, නුවරඑලිය, කොත්මලේ, අම්පාර යන ප්‍රදේශවල සංචාරය කොට කළ අධ්‍යනයනයකින් අනතුරුව වාර්තාවක් සකස් කර තිබෙනවා.

එම වාර්තාව දයා ගමගේ අමාත්‍යවරයා විසින් කෘෂිකාර්මික නවීකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ ප්‍රදාන අනුමත අයදුම්කරුවන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී අග්‍රමාත්‍යතුමා වෙත භාර දී තිබෙනවා.

අධි තාක්ෂණය භාවිතා කරමින් වැස්ස ලබාගන්නා එම දූත පිරිසගේ ක්‍රියාදාමය සාර්ථක වුවහොත් නියඟයට මෙන්ම ගංවතුරටද විසදුමක් ලබා ගත හැකි බව දයා ගමගේ අමාත්‍යවරයා පවසනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News