Citizen.lk
 

ප්‍රථම වරට හඳුන්වා දුන් 25MP ඉදිරිපස කැමරාව සහිත OPPO F7 කරළියට

ප්‍රථම වරට හඳුන්වා දුන් 25MP ඉදිරිපස කැමරාව සහිත OPPO F7 කරළියට | oppo seven
Thu 24 May 2018 6:06 pm
1,323 views

 

OPPO සමාගම තම නවතම දුරකථන මාදිලියන වන OPPO F7 දුරකථනය අලෙවි කිරීම පසුගිය අප්‍රේල් 25 වනදා ආරම්භ කළේ ය. FHD+ Super Full Screen තිරයක්, A.I. Beauty 2.0 තාක්ෂණය සහ ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට හඳුන්වා දුන් 25MP ඉදිරිපස කැමරාව F7දුරකථනය සඳහා දැනටමත් දිවයින පුරා විශාල ඉල්ලූමක් නිර්මාණය වී ඇත. සෙල්ෆි ඡායාරූප සඳහා මුල්තැන දෙමින් අලංකාර ඡායාරූප ගැනීම සඳහා විශේෂයෙන්ම නිපදවා ඇති මෙම දුරකථනයේ 64 GB මාදිලිය රු 54,990 කට සහ 128 GB මාදිලිය රු. 69,990.00 කට දිවයින පුරා අලෙවිසැල් වෙතන් මිලදීගත හැකි වේ.

වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල ප‍්‍රතිඵලයක් ලෙස දැන් Artificial Intelligence 2.0 තාක්ෂණය ප‍්‍රථම වරට ජංගම දුරකථන තුළට ඇතුළත් කිරීමට OPPO F7 නිෂ්පාදකයන් සමත් වී ඇත. Octa core 64-bit Mediatek Helio P60 ප්‍රොසෙසරයක් සහිත මෙය ප‍්‍රථම වරට 25MP ඉදිරිපස කැමරාවක්ද හඳුන්වා දෙයි.

OPPO F7 දුරකථනයේ අලෙවිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් OPPO Sri Lanka හි ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. ,OPPO F7 දුරකථනය සඳහා දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම පාහේ ඇතිවී ඇති විශාල ඉල්ලූම අප පුදුමයට පත්කළා. මෙම ඉල්ලූම සපුරාලීම සඳහා අපගේ අලෙවි නියෝජිතයන් මෙන්ම අබාන්ස්, ඩයලොග්, ලංකා බෙල් සහ සිංහගිරි වැනි හවුල්කාර ආයතනත් විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා. නව දුරකථනයේ අඩංගු A.I. තාක්ෂණය සහ Real-time High Dynamic Range (HDR) සෙන්සරය වැනි විශේෂාංග පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කරනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”

විශාල ප‍්‍රමාණයේ 3400 mAh බැටරියක් සහිත OPPO F7 දුරකථනයේ තිරය FHD+ සහිත අඟල් 6.23 තිරයක් (1080 X 2280) වේ. එමෙන්ම සීරීම් ඇතිවීම අවම කරන Corning Gorilla Glass 5 මීට භාවිතා කර ඇත. 16MP පසුපස කැමරාව දහවල් කාලයේ මෙන්ම රාත‍්‍රියේදීද සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමට සමත් වන අතර F1.8 කැමරා විවරය අඩු ආලෝක තත්ත්වයන් තුළ පවා විශිෂ්ට ඡායාරූප ලබාදෙයි.
‘‘ජනමාධ්‍ය, තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයන්, ඡායාරූප ශිල්පීන් සහ විවිධ කලා ක්ෂේත‍්‍ර වල කැපීපෙනෙන පුද්ගලයන් දැනටමත් OPPO F7 දුරකථනය පිළිබඳව මහත් පැහැදීමකින් යුතුව අදහස් දක්වනු දැකීම අපට විශාල සතුටක්. ඒ අනුව මෙම දුරකථනය මේ වනවිට ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ උණසුම් මාතෘකාවක් බවට පත්වී ඇති බව පැහැදිලියි.” බොබ් ලී මහතා වැඩිදුරටත් පැවසී ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News