Citizen.lk
 

ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශයට නයි පෙන්වයි - තියුණු සටනකින් පසු එක් ලකුණකින් අවසන් තරඟයත් ජයගනී - වීඩියෝ

ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශයට නයි පෙන්වයි - තියුණු සටනකින් පසු එක් ලකුණකින් අවසන් තරඟයත් ජයගනී - වීඩියෝ | Afganistan win 3rd T20 against Bangladesh
Fri 08 June 2018 8:36 am
20,505 views

බංගලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරඟාවලිය 3 - 0 ලෙස ජයගැනීමට ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ (07) පැවති තෙවන විස්සයි 20 තරඟයෙන්ද එක් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමත් සමගයි.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 145ක් ලබාගත්තා.එහිදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ සමිඋල්ලා ෂෙන්වාරි පන්දු 28කින් ලකුණු 33ක් ලබාගත්තා.

ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 144ක් පමණයි.

වරෙක ජයග්‍රාහණය සඳහා බංගලාදේශයට අවසන් පන්දුවාර 2කදී ලකුණු 30ක් අවශ්‍ය වූ අතර, 19 වන පන්දුවාරයේදී මුෂ්ෆිකර් රහීම් පිට පිට හතරේ පහර 5ක් එල්ල කරමින් එම පන්දුවාරයේදී ලකුණු 21ක් ලබාගත්තා.

ජයග්‍රහණය සඳහා බංගලාදේශ කන්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු 9ක් අවශ්‍ය වූ අතර එම පන්දුවාරය ක්‍රියාත්මක කළ රෂීඩ් ඛාන් මුෂ්ෆිකර් රහීම්ගේද කඩුල්ල ලබාගනිමන් බංගලාදේශය ලකුණෂු 144කට සීමා කළා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

eliya pitakotte gotabhaya video | පොලිස්පති ගැන තීරණයක් ගන්න බැරි බලයක් නැති ආණ්ඩුවක්.

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News