Citizen.lk
 

ධීවර ජනතාවට සහ අඩු අදායම්ලාභීන්ට සඳුදා සිට සහන මිලට භූමිතෙල්

ධීවර ජනතාවට සහ  අඩු අදායම්ලාභීන්ට සඳුදා සිට සහන මිලට භූමිතෙල්  | Kerosene oil  low prices
Sun 10 June 2018 1:49 pm
154 views

ධීවර ජනතාව ඇතුළු අඩු අදායම්ලාභී ජනතාව මුහුණදී සිටින අපහසුතාව සලකා ලබන සඳුදා (11දා) සිට අඩු මිලට භූමිතෙල් ලබා දීමට රජය තීරණය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, භූමිතෙල් ගැටලුව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී කරන ලද සාකච්ජාව සහ මුදල් අමත්‍යවරයා ඇතුළු මහා භාණ්ඩාගාර ඉහළ නිලධාරීන් සමග සිදු කළ අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස භූමිතෙල් මිල පහත දැමීමට හැකි වූ බවය.

ඒ අනුව ලබන සඳුදා සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70ත් 80ත් අතර මුදලකට ලබා ගැනීමට මෙරට ජනතාවට හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Matara Rob CCTV | මාතර මංකොල්ලයේ CCTV දර්ශන එළියට

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News