Citizen.lk
 

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගෝඨා හමුවීමට යයි

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගෝඨා හමුවීමට යයි | 16 PMs to Meet Gotabaya
Mon 11 June 2018 10:33 am
155 views

පසුගියදා අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙනවා.

මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසා ඇත්තේ.

ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 මන්ත‍්‍රී කණ්ඩායම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් සමඟද සාකච්ඡා පවත්වා තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News