Citizen.lk
 

අර්ජුන් ඇලෝසියස් 2015 ජනාධිපතිවරණයටත් සල්ලි දුන්නාදැයි සැකයක්

අර්ජුන් ඇලෝසියස් 2015 ජනාධිපතිවරණයටත් සල්ලි දුන්නාදැයි සැකයක් | Is arjun aloysius Give Money to Presidential Election
Mon 11 June 2018 3:22 pm
198 views

අර්ජුන් ඇලෝසියස් හෝ ඔහුට සම්බන්ධ සමාගම්වලින් 2015 ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාගත්තේද නැත්ද යන්න පිළිබඳ ප‍්‍රකාශයක් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙයට පදනම් වී ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ (10) කළ ප‍්‍රකාශයක් වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලීම කර තිබෙනවා.

සරත් ෆොන්සේකා පවසා ඇත්තේ "මේ ආකාරයෙන් මුදල් ගත්ත දේශපාලඥයෝ අස් කරන්න ගියොත් මුළු රටේම ඉන්න දේශපාලඥයින්ට ගෙදර යන්න වෙයි.. සමහර විට එවැනි මුදල් මහමැතිවරණයේදී වියදම් වෙන්න ඇති. ජනාධිපතිවරණයේදීත් වියදම් වෙන්න ඇති." යනුවෙනුයි.

ඊට ප‍්‍රතිචාර දැක්වූ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දෙන්නේ "මේක බරපතල ප්‍රකාශයක්. මෙරට දේශපාලකයෝ එහෙම දූෂිත ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගන්නවා නම් ඔවුන්ගේ අභිමථාර්ත මුදුන්පත් කර ගැනීමේ අරමුණින් තමයි මේ මුදල් ලබා දෙන්නේ. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් එය හානියක් වෙනවා. රටේ ඉහළින්ම ඉන්න පුද්ගලයා මේ පිළිබඳ පැහැදිළි ප්‍රකාශයක් කරනවානම් අනෙක් දේශපාලනඥයින්ටද ප්‍රකාශයක් සිදු කිරීමට සිදුවෙනවා."

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ දැනටමත් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පවසා තිබෙනවා. ඔවුන්ද එහිදී පවසා සිටියේ මැතිවරණ වැඩ කටයුතු සඳහා මෙම මුදල් ලබාගත් බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News