Citizen.lk
 

අපි එදා සම්පූර්ණයෙන්ම මර්දනය කරපු පාතාලය අද හොඳටම හිස ඔසවලා ඉතාම නරක තත්වයක් - මහින්ද රාජපක්ෂ

අපි එදා සම්පූර්ණයෙන්ම මර්දනය කරපු පාතාලය අද හොඳටම හිස ඔසවලා   ඉතාම නරක තත්වයක් - මහින්ද රාජපක්ෂ | Underworld activation - mahinda rajapaksha
Tue 12 June 2018 6:42 pm
571 views

"පාතාලය අද රජවෙලා. ආණ්ඩුව හොඳටම මර නින්දේ. පාතාලයේ දැන් සිද්ධවෙන දේ පිළිබඳව තව දුරටත් ඇස පියාගෙන ඉන්න බැහැ. කොටින් එක්ක හුවුල්වෙලයි දැන් පාතාලයේ අය ඝාතන සිසු කරන්නේ" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ කිවේ සාහසිකයෙකුගේ වෙඩි පහරින් මිය ගිය කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති රන්ජිත් ඩොනල් රණවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පෙරේදා (11දා) ඒ පිළිබඳ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

"අද පාතාලයේ අය නිදහසේ තමන්ගේ ක්‍රියාකාරකම්වල යෙදෙනවා. කොටින් එක්ක හවුල්වෙලයි දැන් මේ අය මේ විදිහට ඝාතන සිදු කරන්නේ. අපි එදා සම්පූර්ණයෙන්ම මර්දනය කරපු පාතාලය අද හොඳටම හිස ඔසවලා. කාන්තාවෝ අතදරුවෝ ඝාතනය කරනවා, පවුල් පිටින් විනාශ කරනවා. මේක ඉතාම නරක තත්ත්වයක්.

මේ තත්ත්වය පිළිබඳව තවදුරටත් ඇස් කන් පියාගෙන ඉන්නම බැහැ. රටේ තත්ත්වය එසේ වුවත් ආණ්ඩුව පාතාලයේ ක්‍රියාකාරිකම් මර්දනය කිරීමට කිසිම වැඩපිළිවෙළක් දියත් කර නැහැ. ඒ අය කරන්නේ විරුද්ධ මත ඉදිරිපත් කරන දේශපාලකයන් සොයා සොයා ඔවුනට නඩු දාන එකයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ පාතාලයේ නඩු ෆයිල් ගොඩක් ගොඩගැහිලා තියෙනවා කියලා අපිටත් ආරංචියි. දහස් ගාණක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේවා විසඳන්න ආණ්ඩුවට ඕනකමක් නැහැ. ඒ අයට උවමනා කරලා තියෙන්නේ දේශපාලකයන්ට තියෙන නඩු ඉක්මනටම අස්සවලා ඉවර කරන්නයි." යැයි ද පවසා සිටියේය‍

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News