Citizen.lk
 

කොදෙව් ගිය මැතිව්ස් නැවත ලංකාවට එන ලකුණු

කොදෙව් ගිය මැතිව්ස් නැවත ලංකාවට එන ලකුණු | Anjalow Mathews Back to Sri Lanka
Wed 13 June 2018 8:24 am
598 views

සිය පෞද්ගලික හේතුවක්‌ මත යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් මැතිව්ස්‌ගේ ඉල්ලීම පරිදි ඒ අනුව ඔහුට නිවාඩු ලබා දීමට සාකච්චා කර ඇති අතර බටහිර ඉන්දීය කොදෙව්වන් සමග හෙට (14) ආරම්භ වන දෙවන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය මෙන්ම ඇතැම් විට තෙවන තරඟය ඇතුළු ටෙස්ට් තරඟාවලියම ඇන්ජලෝ මැතිව්ස්‌ට අහිමි වීමට ඉඩ තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවටයි පැවසෙන්නේ.

යම් හෙයකින් මැතිව්ස්‌ ශ්‍රී ලංකාවට පැමිණියහොත් ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායම සමග කොදෙව් සංචාරයේදී පිතිකරුවකු සහ පන්දු යවන්නකු වශයෙන් වැඩි දක්ෂතා දැක්වූ දසුන් ශානකට එම ස්ථානය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News