Citizen.lk
 

වාරණ නියෝගය ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවසර හිමිවෙයි

වාරණ නියෝගය ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවසර හිමිවෙයි | sri lanka cricket council
Thu 14 June 2018 12:26 pm
365 views

 


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තාවකාලිකව පැනවූ වාරණ නියෝගය අද (14දා) ඉවත් කර තිබෙනවා. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට නිලවරණයක් පවත්වන බවට ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව වාරණ නියෝගය ඉවත්කර ඇත.

මේ 31 වන දා පැවැත්වීමට නියමිතව තිබූ නිළවරණය සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට තරඟ වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කෙරුණේ නිශාන්ත රණතුංග විසින්.

අදාළ පෙත්සමෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රිකට් නිළවරණ කමිටුවේ නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනා .

ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති නාම යෝජනා ඉවත්කොට යළිත් නාම යෝජනා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News