Citizen.lk
 

ට්‍රම්ප් එක්ක ගිවිසුම් අත්සන් කළ කිම් ඇමරිකාව දුන් පෑන ප්‍රතික්ෂේප කරලා - විෂ කවා ඇත්දැයි සැකයක් මතු වෙලා ? - වීඩියෝ

ට්‍රම්ප් එක්ක ගිවිසුම් අත්සන් කළ කිම් ඇමරිකාව දුන් පෑන ප්‍රතික්ෂේප කරලා - විෂ කවා ඇත්දැයි සැකයක් මතු වෙලා ? - වීඩියෝ | How to avoid a poisoned pen Kim Jong-un's security wiped down Sharpie the U.S. provided for signing ceremony
Thu 14 June 2018 12:43 pm
24,489 views

පසුගියදා ලොව පුරා කතාබහට ලක්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අතර හමුවේදී ගිවිසුම්වලට අත්සන් කිරීමේදී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කර තිබුණා.

ඒ පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව ඇති අතර උතුරු කොරියා නායකයා එසේ කරන්නට ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විෂ කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

කිම් ජොන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අයෙකු වන අතර ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, ඔහුගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය.

ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

 

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News