Citizen.lk
 

කටුනායක ගුවන්තොටුපොළට පරිගණකයක් තුළ සැඟ වී ආ අමුත්තන් කව්ද? - Photos

කටුනායක ගුවන්තොටුපොළට පරිගණකයක් තුළ සැඟ වී ආ අමුත්තන් කව්ද?  - Photos | katunayake air port illegal animal
Fri 15 June 2018 12:27 pm
13,690 views

ඔස්ට්‍රේලියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ එවා තිබූ බටහිර රටවල සුරතලයට ඇති කරන කටුස්සන් වැනි සත්ත්ව විශේෂයක් නැවතත් ඔස්ට්‍රේලියාවට ආපසු හරවා යවා තිබෙනවා. මෙම සත්වයන් (13දා) රාත්‍රියේ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, භාවිත කළ පරිගණකයක් සේ හඳුන්වමින් කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට මෙම ගුවන් භාණ්ඩ පාර්සලය එවා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

මෙම පාර්සලය පිළිබඳව අදාල ලිපිනයේ පදිංචි පුද්ගලයාට දැන්වුවද ඔහු නොපැමිණීම හේතුවෙන් මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගෙන තිබෙනවා.

පසුව මෙම පාර්සලය අදාළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිටදී විවෘත කර පරීක්ෂා කර බැලීමේදී මෙම සතුන් 32 එම පරිගණකය තුළ වූ කුඩා රෙදි මලු 05ක දමා සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙලිවී ඇත්තේ මෙම සතුන් ඔස්ට්‍රේලායවේ සිට සිංගප්පූරුවට ගෙන ඒමෙන් අනතුරුව එතැන් සිට සිංගප්පූරු ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

මෙම සතුන් පිළිබඳව දෙහිවල සත්ත්ව උද්‍යානයයේ නිලධාරීන් මෙන්ම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් සමග සහ ශ්‍රී ලංකා රේගුවේ වන සත්ත්ව ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා අද (15) මෙම සතුන් යළිත් ඔස්ට්‍රේලියාවට ආපසු යැවීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දෙහිවල සත්ත්ව උද්‍යානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් විශේෂ පරීක්ෂණයක්

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News