Citizen.lk
 

විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් ලක්‍ෂ ගණන් ගෙවීම් කරලා

 විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් ලක්‍ෂ ගණන් ගෙවීම් කරලා | 45 000 times perpetual treasuries give money
Mon 18 June 2018 9:48 am
342 views

අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබෙනවෙ

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගම්ද යොදාගෙන මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට මුදල් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් කටයුතු කර තිබෙනවා.

විවිධාකාර පුද්ගලයින්ට එලෙස මුදල් ලබාදී ඇතැත් එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් බවද රහස් පොලිස් නිලධාරීන් හෙළි කරගෙන තිබෙනවා.

එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ලේඛන වල සටහන් තබා ඇති බවත් එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයින්ගේ නාමයන් ඉංග‍්‍රීසි කෙටි අක්‍ෂරයන් (මුලකුරු) වලින් තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවටද වාර්තා වෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News