Citizen.lk
 

නිවාඩු අවලංගුයි අද අවේ නැත්තම් තනතුරු හැර ගියා සේ සලකනවා - තැපැල් සේවකයින්ට රතු එළියක්

නිවාඩු අවලංගුයි අද අවේ නැත්තම් තනතුරු හැර ගියා සේ සලකනවා - තැපැල් සේවකයින්ට රතු එළියක් | post strike
Tue 19 June 2018 6:29 am
223 views

 


සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති හෙයින් අද දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් සේවකයින් තනතුරු හැර ගියා සේ සලකන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.


තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, සියලුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂා සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු බවයි.

ඒ අවශ්‍යතාව අනුව අදාළ ප්‍රදේශවල පොලීසියේ සහය ලබාගත හැකි බව ද තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළා.

සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ තවදුරටත් පරිපාලනය විසින් වගකියනු නොලබන බව ද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්වා.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News