Citizen.lk
 

මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ල කෑමට ආවේ කොස්ගොඩ තාරකගේ ගොලයන් - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් 3දෙනෙක් අත්අඩංගුවට

මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ල කෑමට ආවේ කොස්ගොඩ තාරකගේ ගොලයන් - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් 3දෙනෙක් අත්අඩංගුවට | mathara gun shoot
Fri 22 June 2018 3:02 pm
948 views

 

මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් තුවාළ ලබා පැන ගිය තවත් සැක කරුවන් 3 දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් පාතාල සාමාජික කොස්ගොඩ තාරකගේ ගොලයන් බවටයි සැක පලකරන්නේ.

අද පෙරවරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. එහිදී එක් පොලිස් නිලධාරියෙකු මිය ගිය අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබනවා. එමෙන්ම තවත් සිවිල් කාන්තාවක්ද මෙම සිද්ධියෙන් තුවාල ලැබූවා.

සිදිධිය වූ අවස්තාවේ එක් කොල්ලකරුවෙකු සහ ඔවුන් පැමිණි යතුරුපැදි දෙකක් ගිනි අවියක් පොලීසිය අත්අඩංගුවට ගත්තා.

කොල්ල කල්ලිය පුද්ගලයින් අට දෙනකුගෙන් පමණ සමන්විත වී ඇති අතර, මේ වන විට මාතර දුම්රියපොල පාර,ගාලු පාර ඇතුළු මාර්ග හතරක තවමත් සැඟව සිටින කොල්ලකරුවෝ සොයා පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News