Citizen.lk
 

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඇප - විදෙස් ගමන් තහනම්

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඇප - විදෙස් ගමන් තහනම් | galagoda aththe gnanasara himi
Fri 22 June 2018 3:36 pm
825 views

 

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන දිනටත් අද සලකා බැලුණු අවස්ථාවේදීයී.
තවද උන්වහන්සේට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.

පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කෙරුනේ පසුගිය 14 වනදායි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News