Citizen.lk
 

රයිනෝ දඩයමේ ගිය දඩයක්කරුවන් තිදෙනෙකු සිංහයින්ගේ ගොදුරක්ව මියයයි - Photos

රයිනෝ දඩයමේ ගිය දඩයක්කරුවන් තිදෙනෙකු සිංහයින්ගේ ගොදුරක්ව මියයයි - Photos | Three poachers are EATEN by lions after the men broke into South African nature reserve to slaughter rhinos for their horns
Fri 06 July 2018 3:35 pm
3,496 views

දකුණු අප්‍රිකාවේ රක්ෂිතයකට ඇතුල් වී රයිනෝසිරස් සතුන් දඩයම් කිරීමට සැරසුණු දඩයක්කරුවන් තිදෙනෙකු සිංහයින්ගේ ගොදුරක් බවට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම දඩයක්කරුවන් පිරිස අනවසරෙන් මෙම රක්ෂිතයට ඇතුල් වී ඇත්තේ තුවක්කු හා පොරෝ අතැතිවයි. කෙසේ නමුත් ඔවුන් දඩයමක් බලාපොරොත්තුවෙන් මාන බලමින් සිටි සිංහයින් රංචුවකගේ ගොදුරක් බවට පත්වී ඇත්තේ ඔවුන්ද නොදැනුවත්වයි.

රයිනෝ අං කපා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මෙලෙසින් රක්ෂිතයට ඇතුළු වී ඇති නමුත් සිංහයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තත්වයට මුහුණදීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

මිනිස් හිසක්, ලේ තැවරුණු ශරීර කොටස්, තුවක්කු හා පොරෝ කිහිපයක් පසුව කළ සෝදිසියේදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා. සංචාරකයින්ගේ හිත් දිනාගත් ස්ථානයක් ලෙසින් මෙම Sibuya Game Reserve නම් රක්ෂිතය හඳුන්වන අතර එහි ප්‍රධානීන් පවසා ඇත්තේ සෑම අවස්ථාවකම දඩයක්කාරයින් ජයග්‍රහයකයින් වන්නේ නොමැති බවයි.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News