Citizen.lk
 

ඝාතනයට ලක් වූ ප්‍රියානි ජයසිංහගේ සැමියා පොලිස් අත්අඩංගුවට

 ඝාතනයට ලක් වූ  ප්‍රියානි ජයසිංහගේ සැමියා පොලිස් අත්අඩංගුවට | priyani jayasinghe husband arrest
Mon 09 July 2018 11:00 am
3,817 views

යන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කළ ඇයගේ සැමියා අද උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ නිවසේ දී ඊයේ(08) රාත්‍රියේ ඇයව ඝාතනයට ලක්ව ඇත්තේ සිය සැමියා විසින් කතුරකින් සිදු කළ තුවාල හේතුවෙන් බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට සම්බන්ධ ඇයගේ සැමියා ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර අද උදෑසන මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. වසරක පමණ කාලයක සිට දෙදෙනා අතර නිතර ගැටුම්කාරී තත්ත්වයන් පැවති බව අනාවරණ වී ඇතැයිද පොලීසිය පැවසීය. ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ප්‍රියානි ජයසිංහ මහත්මිය මියයන විට 51 වන වියේ පසු විය.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News