Citizen.lk
 

ප්‍රභාකරන් නැවත අවශ්‍ය බව කල ප්‍රකාශයට ලක්ෂ 50 ක් ලබාගෙන ඇති බවට යාපනයේ වීදී පුරා විජයකලාගේ පෝස්ටර් ඇලවෙයි - Photos

ප්‍රභාකරන් නැවත අවශ්‍ය බව කල ප්‍රකාශයට ලක්ෂ 50  ක් ලබාගෙන ඇති බවට යාපනයේ වීදී පුරා විජයකලාගේ පෝස්ටර්  ඇලවෙයි - Photos  | vijayakala ban poster
Tue 10 July 2018 3:20 pm
1,140 views

හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව යාපනය කෝපායි ප්‍රදේශයේ ඊයේ (09දා) රාත්‍රියේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත්ව තිබේ.

ශිවසේනා සංවිධානය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් මෙසේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර එයින් පෙන්වා දී ඇත්තේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කළ විද්‍යා ඝාතකයන් ආරක්ෂා කළ, රුපියල් කෝටි 50කට ඇමති පදවිය අතහැරි විජයකලාට කුමන මන්ත්‍රී පදවිද යනුවෙනි.

පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයන්ගෙන් ප්‍රධාන සැකකරු වූ ස්විස්කුමාර් නමැත්තාට ආරක්ෂාව සපයමින් ඔහුට කොළඹ දක්වා යෑමට මන්ත්‍රීවරිය උපකාර කළ බවත් කිසියම් පාර්ශ්වයකගේ අවශ්‍යතාවක් මත ප්‍රභාකරන් නැවත අවශ්‍ය බවට වන ප්‍රකාශය කර ඇති බවත් ඒ සඳහා මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන ඇති බවත් එම සංවිධාන පෙන්වා දී තිබේ.

එමෙන්ම ඇමති පදවි අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ද නොලැබිය යුතු බව ශිවසේනා සංවිධානය මෙම පෝසටර් ව්‍යාපාරය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News