Citizen.lk
 

වෙඩි 48ක් වැදිලත් පණ රැකගෙන ඉන්න දැවැන්තයා හම්බේගමුවේදී අල්ලාගනී

වෙඩි 48ක් වැදිලත් පණ රැකගෙන ඉන්න දැවැන්තයා හම්බේගමුවේදී අල්ලාගනී | Elephant Save in Hambegamuwa
Tue 10 July 2018 4:03 pm
1,747 views

අවුරුදු තිස් පහක් පමණ වයසැති එක් ඇසක් නොපෙනෙන අලියෙකු හම්බෙගමුව ප්‍රදේශයේදී අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම අලියාගේ අනෙක් ඇසේද පෙනීමේ දුර්වලතා ඇති බවත් දෙකන් නොඇසන බවටත් ඔවුන් විශ්වාස කරනවා.

ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වූ නිසාවෙන් මෙම සත්වයා අල්ලා ගැනීමට නිලධාරීන් කටයුතු කර අතර උඩවළව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ත්වයෙකු වූ  ‍මේ දැවැන්තයාගේ සිරුරේ මතුපිට වෙඩි වැදුණු සලකුණු හතළිහක් අටක් පමණ පෙනෙන්නට ඇති බව පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා පවසනවා.

මෙම අලියා අල්ලාගැනීමේ මෙහෙයුමට වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතාද එක්ව සිටි අතර ඔහු පැවසුවේ හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමෙන් මෙම සත්වයා නැවත මුදා හරින බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News