Citizen.lk
 

තෙල් මිල ඉහළ යද්දී පිරවුම්හල් තෙල් දෙන්න බෑ කියයි - නව ක්‍රමය අනුව සෑම මසකම 10වනදාට තෙල් මිලේ වෙනසක්

තෙල් මිල ඉහළ යද්දී පිරවුම්හල් තෙල් දෙන්න බෑ කියයි - නව ක්‍රමය අනුව සෑම මසකම 10වනදාට තෙල් මිලේ වෙනසක් | Fuel Price Increase in every month 10
Wed 11 July 2018 9:24 am
629 views

ඊයේ (10) නැවතත් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කළ අතර ඔවුන් පවසා සිටින්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් වැඩි කර ඇත්තේ අඩු ප‍්‍රතිශතයකින් බවයි.

සෑම මසකම 10 වැනිදා මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඊයේ (10) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවේදී තීරණයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කට, ඩීසල් ලීටරයක් රුපියල් 118කට සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129කට අලෙවි කිරීමට නියමිතයි.

කෙසේ නමුත් ඊයේ (10) තෙල් මිල වැඩිවන බවට ප්‍රකාශවීමත් සමඟින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඇතැම් පිරවුම්හල් වලින් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කල බවයි ජනතාව පවසා සිටින්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News