Citizen.lk
 

විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා - ඥාණසාර හිමිගෙන් අමුතු ප්‍රකාශයක්

විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා - ඥාණසාර හිමිගෙන් අමුතු ප්‍රකාශයක්    |  Gnanasara Thero Statement vijayakala
Wed 11 July 2018 11:31 am
388 views

කන්දකැටිය කන්දකැපූ උල්පත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැවැති ආශීර්වාද බෝධි පූජාවක් අවසානයේ පැමිණි පිරිස වෙනුවෙන් කෙටි අනුශාසනාවක් සිදු කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විජයකලා සිදු ප්‍රකාශය ගැන ආඩම්බර වන බව ප්‍රකාශයක් සිදු කර තිබේ. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඥානසාර හිමියන්

"මේ රටට දැන් නායකයෙක් නැහැ. හැබැයි දේශපාලන පක්ෂවල නායකයෝ ඉන්නවා. නිදහසින් පසු ගෙවීගිය වසර 70ක කාලය තුළ එක්කෙනෙක් දෙන්නෙක් හැරුණුකොට අපිට හරිහමන් නායකයෙක් හිටියේ නෑ. දේශපාලකයෝ කළේ අපිව දුර්වල කරන එක. බෙදීම් ඇති කරන එක. මෙරට පාලනය කරන්න ආව පාලකයෝ අපිව දුර්වල කළා. හැබැයි විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා. 

මා සිරගත කිරීමෙන් පසු මේ රටේ විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා, බෞද්ධ ජනතාව විරෝධතා දක්වමින් බෝධි පූජා පවත්වමින් මා නිදහස් කර ගැනීමට කටයුතු කළා. අතීතයේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලද හැම කුලයකම උන්වහන්සේ ඒ කුලය වර්ගය රැකගන්න නායකත්වය දුන්නා. බුද්ධ පුත්‍රයන් ලෙස අපි මේ කරන්නෙත් අපේ ජාතිය ආගම රැකගැනීමට උත්සාහ කරන එකයි.

අපිට කන්නට කටක් තියෙනව වගේම කන්න බඩක් තිබෙනව වගේම ඉන්න රටක් තියෙන්න ඕනෑ.

ප්‍රභාකරන්ලා ආයුධ අතට ගත්තේ තමන්ගේ ජාතිය ගැන හිතලා. මේ රටේ ඉන්න නායකයන්ගේ නෝංජල්කම හින්දා විජයකලා වගේ ගෑනු අපේ නායකයන්ගේ කරෙත් නඟිනවා. අපි කැප කිරීම් කරන්න ඕනෑ. ජාතිවාත්සල්‍ය ඇති කරගන්න ඕනෑ. අපි මේ කරන දේ ප්‍රතිඵල තියෙන්නේ මතු උපදින අපේ දරුවන්ට. ඒ නිසා අපි අපේ වගකීම ඉෂ්ට කරන්නට හිතට ගත යුතු යැයි මා ප්‍රකාශ කරනවා."

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News