Citizen.lk
 

හැමෝම ඇවිත් කුණු දාලා යන අකුරගොඩ වැව පිරිසිදු කරන්න උදේ හවා වෙහෙසෙන ජර්මන් රටේ අපූරු මිනිසා -Photos

හැමෝම ඇවිත් කුණු දාලා යන අකුරගොඩ වැව  පිරිසිදු කරන්න උදේ හවා  වෙහෙසෙන ජර්මන් රටේ අපූරු මිනිසා -Photos  | akuragoda fai  story
Wed 11 July 2018 12:16 pm
430 views

ලංකාවේ වැඩිම පරිසර දූෂණයට ලක් වෙන නගරයක් තමයි කොළඹ නගරය කියන්නේ. කොළඹ නගරය තුළ පරිසර සුන්දරත්වය විදින්නට තවමත් ඉතිරි වෙලා තියෙන්නේ ස්ථාන කිහිපයක් විතරයි. එයින් එක් ස්ථානයක් තමයි බත්තරමුල්ලේ, පැලවත්තයි අතර තිබෙන අකුරගොඩ වැව කියන්නේ. අකුරගොඩ වැවට හුඟ දෙනෙක් එනවා හැබැයි ඒ එන අය අරන් එන කුණුනම් ආපහු අරන් යන්නේ නෑ හැමෝම සුන්දරත්වය විඳින්න ඇවිත් සුන්දරත්වය නැති කරන්න දෙයක් එකතු කරලා යනවා,

එවැනි මිනිසුන් සිටින රටක අපූරු මිනිසෙක් ගැන සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක් වෙලා තිබෙනවා. ඔහු නමින් ෆායි, ජර්මන් රටේ ඉදලා අපේ රටට ආව ෆායි තමයි අකුරගොඩ වැවට ඇවිත් අපේ මිනිස්සු දලා යන කුණු එකතු කරලා වැවේ පරිසරය සුන්දරව රැකගන්න කටයුතු කරන්නේ. වසර ගණනක සිට ෆායි මේම මහඟු සේවය කරන්නේ පවුලේ අය සහ එයාගේ සේවකයන් එකතු කරගෙන මේ අපූරු මිනිසා ගේ උතුම් කටයුත්ත ගැන අකුරගොඩ ගමන් ගත් පුද්ගලකු නෙත ගැටී එය සමාජ ජාල ගිණුමක මෙසේ සටහන් කර තිබුනා....

මේ ඉන්නේ FAI (ෆායි/ෆාඉ)..
හිට්ලර්ගේ රටේ කෙනෙක්.
මෙයාව උදේ වරුවෙයි, හවස් වරුවෙයි "අකුරගොඩ වැව" පාරෙන් යන අයට සුපුරුදු දසුනක්..
අකුරගොඩ වැව තියෙන්නේ හෙන ඈතක නෙමෙයි,
බත්තරමුල්ලේ, පැලවත්තයි තලවතුගොඩයි අතරේ තියෙන වික්‍රරමසිංහපුර පාරේ යද්දී.
ITN එකට එහායින් තියෙන වැව පාර..
මනස්කාන්තම වැවක්..
හවස ඔතන පහුකරන අය නැවතිලා යන තැනක්..
ටෙලි නාට්‍යවල සුලභ ම දර්ශන තලයක්..
අනික වෙඩින් ෆොටෝ ශූට් වලට අවශ්‍යම තැනක්..
අනික කුණු පොදක් වත් නැති වැව් ඉවුරක්..
ඒ වටේ පරිසරයත් එහෙමයි..
අනික ඒ වැව් පරිසරය ජෛව විවිදත්ව කලාපයක්..
ඔය ප්‍රදේශය පිරිසිදු කම කියන තැනදියි, ෆායි කතාවට සම්බන්ද වෙන්නේ..
ඔය පරිසරයේ පිරිසිදු කමේ අයිතිය ඔහුගේ..
අවුරුදු ගාණක් තිස්සේ එයා, එයාගේ පවුලේ අයයි සේවකයොයි එක්ක මේ ප්‍රදේශය පිරිසිදුව තියාගන්න උත්සහ කරනවා..
හවස 5න් පස්සේ සම්පූර්නයෙන් සුද්ද වෙද්දි,
අනිත් දවසේ උදේ බලද්දි හැම තැනම කුණු බෑග් තියන් ගිහින්..
උදේ 7.30 / 8.30 වෙද්දි ආයෙත් සුද්ද වෙනවා..
ඔන්න ඉතින් ආයෙ දවස පුරා හැඩි වෙච්චා හවස සුද්ද වෙනවා..
ඒ අතරේ සමහර වෙලාවට එයා ගාව වැඩකරන කෙනා වටයක් දාලා සුද්ද කරනවා.
මෙයා ගේ මේ දුශ්කර වෑයම ගැන කුණු දාන නෝනා මහත්තුරුත් නොදන්නවා නෙමෙයි..
ඒ පැත්ත පුරාම සිංහලෙන් ඉංග්‍රීසියෙන් , පරිසරය සුරකිමු බෝඩ් ගැහුවෙත් මෙයා.
ඒ බෝඩ් පෙරලලා කුණු දාලා තියෙද්දි , ආයෙත් ඒවා කෙලින් කරනවා..
අපිත් ඉඳලා හිටලා මෙයාට එකතු වෙච්ච වෙලාවල් තිබ්බත්, මුහුදට වැටෙන පොල් කෙන්දක් තරම් වටින් නෑ , ෆායි ගේ වෑයම එක්ක..
කවුරු උදව් කරන්න එකතු උනත් නැතත් මෙයාගේ වැඩේ මෙයා කරනවා.

"මේ පාරේ යන හැමොටම බැරි ඇයි මට උදව් කරන්න"
ෆායි කියද්දි හිතෙන්නෙ..
" යකෝ මූට වැඩ නැති උනාට,, මෙතනින් යන්නේ වැඩ රාජකාරි වලට..
එහෙම ගිහින් මහන්සියෙන් ගෙදර යන අය..
මූත් එක්ක කුණු අස්කරන්න වෙලාවක් කොහෙද.. පිස්සුද?"""
අපේ මේ සිතුවිල්ල අඳුරගත්ත ගමන් ෆායි මෙහෙමත් කියනවා..
" මම කියන්නේ මාත් එක්ක අස්කරන්න එන්න නෙමෙයි,
යද්දි එද්දි කුණු නොදා යන්න, ඒකයි උදව්ව.."

අනික "ෆායි" වැඩක් නැතුවට කුණු අදිනවා කියලා හිතුවට,
"ලෝක ජල සංරක්ශන වැඩසටහන" ද මොකද්ද එකක අධ්‍යක්ෂක කෙනෙක්.....

ඔය පාරෙන්ම ITN එකේ "අට පට්ටම" කරන හසන්ත මහත්තයත් නිතරම යනවා, ජර්මන්කාරයාව දකිනවත් ඇති..
ඒත් මේ සිද්දිය අට පට්ටමට දාන්න තරම් දෙයක්නම් , නොදා ඉන් නෑනේ..

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News