Citizen.lk
 

ෆේස්බුක් වෙබ් අඩවියටත් දඩ කොළයක්

ෆේස්බුක් වෙබ් අඩවියටත් දඩ කොළයක් | Facebook Fined
Wed 11 July 2018 1:23 pm
315 views

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05 ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බවට චෝදනා කරමින්.

කේම්බ්රිමජ් ඇනලටිකා සමාගම විසින් අනවසරයෙන් ෆේස්බුක් පරිශීලකයින්ගේ ගිණුම්වලට ඇතුළු වී එහි දත්ත අවභාවිත කිරීම සහ ඒවා මකා දැමීමේ සිද්ධියට අදාළව සිදුකල පරීක්ෂණවලින් අනතුරුව එංගලන්ත තොරතුරු කොමසාරිස් කාර්යාලය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

එහිදී පරිශීලකයින්ගේ ගිණුමවල සුරක්ෂිතභාව තහවුරු කිරීමට ෆේස්බුක් සමාගම අපොහොසත් වී ඇති බවද එංගලන්ත තොරතුරු කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

( 34 views)

Hot Video

maskeliya newweligama landslide live video  | බගවන්තලාව - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් බලා සිටියදී නායගිය අයුරු - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News