Citizen.lk
 

ඉදිරියේදී මරණ දඩුවමට අත්සන් කරන බව ජනපති මහනුවරදී කියයි

ඉදිරියේදී මරණ දඩුවමට අත්සන් කරන බව ජනපති මහනුවරදී කියයි | President says will sign a death penalty
Wed 11 July 2018 3:54 pm
148 views

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති, මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

"මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතියද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගතයුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපාලනඥයන්ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ ඉහළ යෑමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවිද අද ප‍්‍රධාන සාධකයන් වී ඇති බවත් මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමවුපියන්ගේද ප‍්‍රමුඛ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News