Citizen.lk
 

චන්දිමාල්, හතුරුසිංහ, අසංක, ගැන ICCගත් තීරණය මෙන්න

චන්දිමාල්, හතුරුසිංහ, අසංක, ගැන ICCගත් තීරණය මෙන්න | ICC's decision on Chandimal, Hathurusinghe and Asanka
Thu 12 July 2018 9:01 am
553 views

දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (11) පැවැත්වූ විනය පරීක්ෂණයකට අනුවයි.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟවලින් ඉවත්වීමට තීරණය කළ බවයි.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේදී පන්දුව පලූදු කළ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල වු අතර එමෙන්ම එම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේදී පිටියට පිවිසීමට පැය 2 ක පමණ කාලසීමාවක් ප්‍රමාද කිරීමෙන් අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය වූ බවටයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට චෝදනා එල්ල වුණේ.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම කඩ කළ බව පිලිගත්තා.

මීට පෙර දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් එක් ටෙස්ට් තරගයක තහනමක් සහ තරග ගාස්තුව දඩයක් ලෙස සියයට 100 කින් අය කරගැනීමට තීන්දු කර තිබුණා.

ඊට එරෙහි අභියාචනයක්ද දිනේෂ් චන්දිමාල් විසින් ඉදිරිපත් කළ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කළා.

මයිකල් බැලොෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිෂන් සභාව විසින් එය සලකා බැලීමෙන් අනතුරුවයි එය ප්‍රතික්ෂේප කෙරුණේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News