Citizen.lk
 

පැටවු 6 ක් එක්ක වැලහින්නක් හිටියා වැලහින්න බෑනට පහර දුන්නා මම කෑ ගැහුවා - මී කඩන්න ගිය දෙදෙනෙකුට වලස් ප්‍රහාරයක් පුද්ගලයෙකුට බරපතළයි

පැටවු 6 ක් එක්ක වැලහින්නක් හිටියා වැලහින්න බෑනට පහර දුන්නා මම කෑ ගැහුවා  - මී කඩන්න ගිය  දෙදෙනෙකුට වලස් ප්‍රහාරයක්   පුද්ගලයෙකුට බරපතළයි | bear attack kantale
Thu 12 July 2018 1:45 pm
405 views

කන්තලේ, හබරණ මාර්ගයේ කිවුතොට ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව කන්තලේ ප්‍රදේශයෙන්  වාර්තා වෙයි ඊයේ(11) සවස එම වලස් ප්‍රහාරයෙන් මාමා සහ බෑනා බරපතළ තුවාල ලබා තිබේ.

අදාළ පුද්ගලයා තම මාමන්ඩිය සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි වලස් පැටවුන් සමඟ සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදී වැලහින්න විසින් තම බැනාට පහරදුන් අතර තමන් සිදුකළ කෑ ගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලස් ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුවී ඇති බව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කළ ඇති අතර පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News