Citizen.lk
 

ඔයාගේ චැට් එකටත් මේ විදියේ ලින්ක් එකක් ආවද? ක්ලික් කරන්න කලින් මේක කියවලා ඉන්න

 ඔයාගේ චැට් එකටත් මේ විදියේ ලින්ක් එකක් ආවද? ක්ලික් කරන්න කලින් මේක කියවලා ඉන්න |  Did your chat get this link? Please read this before you click
Thu 12 July 2018 4:00 pm
232 views

සමාජ මාධ්‍ය කියන්නේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය දෙයක්.

ඒ අතර ෆෙස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ මාධ්‍යය අඩවියක්.

දිනෙන් දින ෆෙස්බුක් ජාලයට නව ගිණුම් හිමියන් එකතු වෙනවා ඒක නිසා ෆෙස්බුක් ආයතනය විවිධ ආකාරයෙන් නිතිමාලා හදුන්වා දෙනවා.

ඒකට ප්‍රධාන හේතුවක් වුණේ පසුගිය කාලේ වාර්තා වුණු පුද්ගල චරිතවලට මඩ ප්‍රචාර එල්ල වීම ජාතිවාදී ප්‍රකාශ වගේ දේවල් නිසා මුහුණු පොතේ විවිධ නිතිමාලා වෙනස් වුණා.

ආයෙත් ඔන්න ඔය වගේ දෙයක් ඇවිත් කියලා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුවත් කරලා තියෙනවා.

මෙන්න මේ දේවල් කරොත් ඔයාට මේ ෆෙස්බුක් වෛරසයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

මේකත් phishing එකක්ම තමයි.. ඒත් සාමාන්‍ය phishing link එකකට වඩා මේකේ වෙනස්කම් කීපයක් තියනවා..
මේ virus එක infect වෙන්නේ,

Iphone / iPad / iPod
HTC
Android
J2ME
BlackBerry
IEMobile
Symbian
Windows mobile
Opera mini
WebOS කියන Brands / OS / Browsers වලට විතරයි..

Computer එකකින් මේ ලින්ක් එක click කරාට කිසිම harmful දෙයක් සිද්දවෙන්නේ නෑ.. නිකන්ම fb පොස්ට් එකකට යාවි, එතනින් YouTube video එකකට redirect වේවි..
ඇත්තටම කිව්වොත් මේක trick එකක්.. Desktop version එකෙන් තමයි chrome, opera වගේ ගොඩක් browsers වලින් phishing page අදුරගන්නේ. මේ විදියට desktop version එක විතරක් වෙන location එකකට link කරාම කිසිම browser එකකින් phishing page එක detect කරගන්නේ නැහැ.

ඒත් අර උඩ තියන වර්ගවල device එකකින් මේ ලින්ක් එක click කරොත් ඒ OS එකට අනුව customize කරපු අලුත් තාලේ phishing page එකකට යනවා.. ඊටපස්සේ කියනවා "ඔයාගේ ලීක් වෙලා තියන වීඩියෝ එක +18 එකක්.. ඒ නිසා වයස confirm කරගන්න පල්ලෙහා තියන textbox එකේ Email / phone number & Password එක ගහලා ලොග් වෙන්න" කියලා... එතනින් පස්සේ ඉතින් වෙන දේ ගැන කියන්න ඕනේ නැහැනේ.. සාමාන්‍ය phishing attack එකක විදියටම ඔයාලගේ username , password එයාලගේ අතට යනවා.. ඒ වගේම ඔයාලගේ එකවුන්ට් එක එයාලගේ Automated CMS එකක ඉත්තෙක් බවට පත්වෙනවා.. ඊටපස්සේ ඔයාලගේ එකවුන්ට් එකෙන් message යවන්න, message කියවන්න, post කරන්න, follow කරන්න, comment කියවන්න, delete කරන්න වගේ ඕනම දෙයක් මෙයාලට කරන්න පුළුවන්කම තියනවා.. වැඩේ සුළුපටු නැහැ..


දැනටමත් ඒ ලින්ක් එක click කරලා log වුනා නම් මොකද කරන්නේ..?

-පුළුවන්තරම් ඉක්මනට එකවුන්ට් එකේ password change කරන්න.


-Active session ඔක්කොම clear කරලා, එකවුන්ට් එකේ 2 factor authentication ON කරන්න.


-එකවුන්ට් එකේ settings වලට ගිහින් permission දීලා තියන apps වලින් වැඩකට නැති apps ඔක්කොම අයින් කරලා දාන්න.


- අනිත් අයවත් මේ වයිරස් එක ගැන දැනුවත් කරලා තියන්න.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News