Citizen.lk
 

ශ්‍රී ලංකාවේ මීලග නායකත්වය භාරගත යුත්තා ගැන රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරගෙන් ඉගියක්

ශ්‍රී ලංකාවේ මීලග නායකත්වය භාරගත යුත්තා ගැන රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරගෙන් ඉගියක් | State Minister Range Bandara speaks on the future of Sri Lanka's next leader
Thu 12 July 2018 6:03 pm
416 views

අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්‍රභාකරන් කෙනෙක්වත්, මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු තීරණ ගන්නා නායකයෙකු යැයි වාරි මාර්ග,ජල කළමණාකරන හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තුළුඔය සිට උඩප්පුව හරහා ආඩිමුනේ දක්වා ඇති මාර්ගයේ මෝය කට අසල පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින්.

මෙම පාලම ඉදිකිරීම සදහා රජය රුපියල් ලක්ෂ 4140 ක මුදලක් වෙන් කර ඇති අතර වැසි කාලයේදී උඩප්පුව මෝය තුළින් වැඩි ජලය මුහුදට ගලා නොයාම හේතුවෙන් පසුගිය කාලය පුරා ගැටළු ඇති වු බවයි වාර්තා වන්නේ

ඊට පිලියමක් ලෙස නව පාලම ඉදි කෙරේ.


"මෙහිදී තව දුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයා පසුගිය දිනක මහනුවරදී දැඩි ප්‍රකාශයක් කරමින් මත්කුඩු ජාවාරම් නිරතව සිට දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින අයට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් බල ප්‍රකාශ කළා.

එය ඉතාමත්ම හොද තීරණයක්.මත් කුඩු ජාවාරම්කරුවන්ට පමණක් නොව සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ නීති විරෝධී ගිනි අවි භාවිතා කරමින් ජන ජීවිතය අවුල් කරන අපරාධකරුවන්ටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට මම යෝජනා කරනවා."

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News