Citizen.lk
 

ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට සටන්කාමී ලකුණු සංඛ්‍යාවක්

ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් |  South Africa vs Sri Lanka 1st test
Thu 12 July 2018 8:39 pm
432 views

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා ක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287කට දැවී ගියා.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දිනය පුරාම සිය අන්තය ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණ අතර ඔහු සිය අටවැනි ටෙස්ට් ශතකයද සමගින් ලකුනු 158ක් නොදැවී රැස්කිරීමටද සමත්වූණා.

අවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූ අතර සඳකැන් පන්දු 55කදී ලකුණු 25ක් රැස්කර ගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කාගිසෝ රබාඩා කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූ අතර දඟ පන්දු යවන ක්‍රීඩක ටී. ශම්සි කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 287ට පළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටිනවා

හෙට තරගයේ දෙවන දිනයයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News