Citizen.lk
 

දැන් ලංකාවේ ගොයම් කපන්නෙත් ඉන්දියාවෙන් ඇවිත්ලු ඇමති චම්පිකගෙන් අලුත් කතාවක්

දැන් ලංකාවේ ගොයම් කපන්නෙත් ඉන්දියාවෙන් ඇවිත්ලු ඇමති චම්පිකගෙන් අලුත් කතාවක් |  Now, there is a new story from India's Minister Champika to come to India from India
Fri 13 July 2018 9:18 am
173 views

සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් ශ්‍රී ලංකාවේ තාක්‍ෂණ ක්ෂේත‍්‍රය තවදුරටත් බලගැන්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති මහජන සම්මන්ත‍්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායේ ඇති දුර්වලතා නිසා විදේශිකයන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන රැකියාවල යොදවා ගැනීමට සිදුව ඇතැයිද ඔහු මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"අපේ රටේ ඇප් හදන අය තේ පොල් රබර් ඇඟළුම් කියන මේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වලින්ට වඩා උපයනවා. අද අපේ කුඹුරට යන්න, හේනට යන්න, ඉදි කිරීම් කර්මාන්තයේ රැකියාවලට යන්න ගොඩක් දෙනෙක් මැලි වෙනවා. අපිට පිළිගන්න වෙනවා මේ කටුක යතාර්ථය. ඉන්දියාව පාකිස්ථානය බංග්ලාදේශය වැනි රටවලින් සංචාරක වීසා අරගෙන ඇවිත් 2,50,000ක පිරිසක් අපේ රටේ නොයෙක් රැකියාවල නිරත වෙනවා.

මම එක දවසක් ගියා මොර වැවට එහේ ගොයම් කප්න්නේත් ඉන්දියාවෙන් ඇවිත්. ගොවියෝ කුඹුරට බහින්නැහැ. මොබයිල් ෆෝන් එක අතේ තියන් පාරට වෙලා ඉන්නව. කොටින්ම කිව්වොත් මොබයිල් ෆෝන් එකෙන් ගොයම් කපන්නේ."

සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් මෙම දුර්වලතා මගහරවා ගැනීම සදහා ශ‍්‍රම බලකායේ ආකල්පමය වෙනසක් සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News