Citizen.lk
 

නකල්ස් රක්ෂිතය ආසන්නේ ආරම්භ කිරීමට ගිය ව්‍යාපෘති නවතී

නකල්ස් රක්ෂිතය ආසන්නේ ආරම්භ කිරීමට ගිය ව්‍යාපෘති නවතී | knuckles mountain range project stopped
Fri 13 July 2018 10:03 am
335 views

පසුගියදා කාලය පුරා කතාබහට ලක්වුණු නකලස් රක්ෂිතය ආශ්‍රිතව සිදුකිරීමට යන ව්‍යාපෘති පිළිබඳව මේ වන විට තීරණයකට එළැඹ තිබෙනවා. ඒ අනුව මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපතිතිලක් මහානාම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු එහදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නකලස් ලෝක උරුමයට හානියක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබන බවයි.

“දුම්බරමිටියාවතේ නකල්ස් රක්ෂිතයට හානියක් වෙන්න දෙන්නේ නැහැ. වරද වුණේ අපෙන් නෙවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන සම්බන්ධන්ධීකරණයක් තුළින් නකල්ස් රක්ෂිතය පිළිබඳ අපට නිශ්චිතව පෙන්වලාදීලා තිබුණේ නැහැ.

නකලස් සීමාවේ කණු දාලා තිබුණා. අපි ඒ සීමාව පමණයි දැනගෙන හිටියේ සීමාව කියලා. නමුත් පරිසර සංවිධාන කිව්වා එතැන පමණක් නෙවෙයි තවත් කිලෝමීටරයක් විතර ආරක්ෂක කලාපයක් තිබෙන බව. වනසංරක්ෂණ එකෙන් ඒක ඇහුවාම කිව්වා එයාලා තාම ඒක හඳුනාගෙන නැහැ කියලා කිව්වා. පසුව අපි මේගැන හොයලා බැලුවා.

මිඩ්ලන්ඩ් වතුයා‍ගේ අක්කර 25 ක් ආයෝජනය සඳහා අන්තර්කාලීන ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. එයින් ඉතාම පුංචි කොටසක් විතරයි නකල්ස් සීමාවට අයිතිවෙන්නේ.ඒක දැනගත් සමගම අපි අත්සන් කරලා තිබුණු අන්තර්කාලීන ගිවිසුම් සියල්ල අහෝසි කළා.

හෙයාර්පාක් වත්තේ අක්කර 1600ක විතර ප්‍රමාණයක් තිබෙනවා. වාර්ෂිකව මේ වත්තෙන් රුපියල් කෝටි 05ක පමණ අලාභයක් රජයට දරන්න වෙලා තියෙනවා. ආයෝජකයෙක් වත්තම ඉල්ලලා තිබුණා. කුකුළු කොටු ව්‍යාපාරයක් කරන කෙනෙක් තමයි එය ඉල්ලලා තිබුණේ.

නමුත් හෙයාර්පාර්ක් ඉල්ලුවේ කුකුළු කොටු දාන්න නෙවෙයි. කිරිහරක් ව්‍යාපෘතියක් පටන්ගන්න තමයි මේ භූමිප්‍රමාණය ඉල්ලලා තිබුණේ. නමුත් හෙයාර්පාර්ක් වත්තේ වැඩිප්‍රමාණයක් නකලස් ලෝක උරුමයේම කොටසක් බවට අයිති තත්ත්වයට පත්වෙලා තියෙනවා කියලා හඳුනාගත්තා. ඒනිසා එයට අවධානය යොමුකරලා හෙයාර්පාර්ක් වත්තේ යෝජනාවලියත් නතර කරන්න තීරණය කළා'' යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News