Citizen.lk
 

පියෙකුගේ දුක් මහන්සියට නොමිනිසුන් කළ විනාශයක තරම ගැන ආදරණීය පුතෙක් කඳුළු පිරි දෑසින් කියූ කතාව - PHOTOS

පියෙකුගේ දුක් මහන්සියට නොමිනිසුන් කළ විනාශයක තරම ගැන ආදරණීය පුතෙක් කඳුළු පිරි දෑසින් කියූ කතාව - PHOTOS | A beloved son's tale from the eyes of his father's misery to an unseen destruction
Mon 16 July 2018 5:23 pm
2,152 views

අපේ රටේ මිනිසුන් හරීම කතෘගුණ දන්න ජාතියක් කියලා නේ කියන්නේ එත් ඔය අතර ඒ මතය විනාශ කරලා දාන්න පුළුවන් අයත් ඉන්නවා.

සාමන්‍යයෙන් කෙනෙක් මහන්සියෙන් ගොඩ යනවට අපේ සමාජයේ ගොඩක් අය කැමති නැහැ විවිධ කතා කියනවා.

හැබැයි අපි ඒ කතා කියන්නේ එයාව අඩුම තරමේ හම්බෙලාවත් නැති එක වච්නයක්වත් කතා නොකර එත් කතාවක් හදන්න උපන්ගෙයි දක්ෂතාවක් තියෙනවා.

මේ ඒ වගේ සිද්ධියක් තමන්ගේ තාත්තට තියෙන දේ ඒ තාත්තගේ පුතාට දුවට මහමෙරක් වගේ එත් කෙනෙක් හොදින් කලා බිලා ඉන්නවා බලන් ඉන්න බැරි අයත් ඉන්නවා.

මේකත් ඒ වගේ කතාවක් සමාජ ජාල තිබුණු කතාවක්,

මාව එක දවසක් හරි දැකලා හරි කතා කරලා හරි තියෙනවා නම් පොඩ්ඩක් මෙතන නැවතිලා මේක බලන්න. ඔයාලට තියෙන අදහස පහල කමෙන්ට් බොක්ස් එකේ ලියලා යන්න.

මේ කතාව මගේ තාත්තා ගැන. මගේ තාත්තා සරත්. බස් සරත්. සමහරුන්ට සරත් මාමා වෙනකොට ගොඩක් දෙනෙකුට සරත් අයියා. අපේ තාත්තා අද යාගොඩ හිටියට ගොඩක් මෙහෙ මිනිස්සු කියන විදියට අපි මේ ගමේ උං නෙමේ. අපි පිටගම්කාරයො. මගේ තාත්තා මිරිස්වත්තෙන් ඇතුලෙ අරලිය ගස් හන්දියේ. අවුරුදු 4 වෙනකොට අම්ම නැති වෙලා අවුරුදු 7 වෙනකොට තාත්තා නැති උන අනාතයෙක්. එදා නන්නත්තාර ජීවිතේ යනකොට තාත්තාගෙ නැන්දා තමා මෙහෙට ගෙනාවේ. එදා ඉඳන් තමා අපිට යාගොඩට එන්න උනේ. මගේ අම්මා මේ ගමේ.
මේ ගමේ ගොඩක් අය අම්මට වඩා හිතවත් තාත්තා එක්ක. හැමදාම උදේම පාරට එන්නේ මගේ තාත්තා. උදේම මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ වලට ටවුමට ගෙනියන්න. ඒ පටං ගන්න දවස හැමෝම එක්ක හිනා වෙලා පොඩි උන්ට ගෙදර ගහේ හැදෙන පේර ගෙඩි ටිකත් ගෙනියන්නෙ කහට හිතේ නැති නිසා. අම්මෙක් තාත්තෙක් නැතුව ජීවිතේට මූන දීපු මගෙ තාත්තා බුලත් විකුණලා එදා වේල හොයාගන්න ගම්පහ පේමන්ට් වල නිදාගත්තෙ අවුරුදු 14 දි ලු.
මගෙ තාත්තා උපාධි ගත්තු මිනිහෙක් නෙමේ. මගෙ තාත්තා ඉගෙනගෙන නෑ. ඒත් හැමදාමත් මට මං යනපාරෙ ඉස්සරහම හිටියා මහා එලියක් වෙලා. මං අද යම් තැනක ඉන්නවා නං ඒ සේරගෙම අයිතිකාරයා මගේ තාත්තා.
පේමන්ට් එකේ නිදාගන්න ගෝනියක් අරගන්න හස්තගිරියේ පිටි කොට්ට ඇදපු තාත්තා හතුරෙක්ටවත් වෛර නොකර මුලු ජීවිත කාලෙම කොල්ලෝ තුන්දෙනෙක් උස් මහත් කලාට අමතරව හම්බ කලා නම් ඒ ගමක මිනිස්සුන්ගේ ආදරේ විතරයි. ඊට අමතරව අපේ මේ බස් එක. මේකෙන් තමා අපි එදා වේල හොයාගෙන කෑවේ. අපිට වතුර උගුරක් හරි ගෙනත් දුන්නේ.
මේ පහල රූප වල බලන්න ඊයෙ උදේ බස් එකට කරල තිබුන දේ. මිනිස්සුන්ට සේවය කරපු ඒ මනුස්සයා ජීවිතේ අවසාන කාලයේ තමන්ගේ කියලා මවාපු හීනෙ තමයි මේ. මං මගෙ තාත්තගෙ ඇස්වල මුලින්ම කඳුළු දැක්කෙ ඊයෙ.
මේ ගමේ අයිතිකාරයෝ කියන්නේ ‘’යාපා’’ කියන අය. මුහුනු පොතේ බලන්න යාගොඩ නම් අනිවාර්යයෙන් යාපා කියල නම අගට ඇති. යාපා කියන්නේ මේ ගමේ ඉන්න හරි වැදගත් නම්බුකාර මිනිස්සු. ඔය කියපු මිනිස්සු අතරේ කන්න දීපු බත් පතට පහරන තිරිසන්නු ඉන්නවා. උං යාපා කම පොරවගෙන එහෙම වෙන්න හැදුවත් මේ කරන දේවල් වලින් ඒ බැටලු හම ගැලවෙනවා කියලා දැනගන්න.
කරපු මිනිස්සු මේ වෙනකොටත් විඳවනවා ඇති. ඒත් පේමන්ට් එකේ ඉඳන් ආපු මේ මනුස්සයට නැති වෙන්න දේවල් නැතියි කියලා දැනගන්න. මේ කරපු සියලු දේ යම් මතු දිනයක නැවතත් ඔබ වෙතම ලැබෙනා බව දැනගන්න. ගමක මිනිසුන්ගේ විලාපය මෙලොව යම් ධර්මයක් ඇතිනම් එය දරාගන්නා බව දැනගන්න.
අවසානයට තාත්තා කියපු දෙයින්ම මේ කතාව අවසන් කරන්නම්.

පුතේ, අවසානෙ ලං වෙනකොට මෙරුවොත් පියාඹගෙන යනවනේ. කරපු කෙනා දැන් බලං සතුටු වේවි. ඒකත් මට පිනක් බං

ප.ලි. –නිවසට පැමිණ ඔබගේ වටිනා කාලය මොහොතකට හෝ කැපකල සිතුවිල්ලකින් හෝ අප සමග සිටි කෘතගුණ ඔබ සැමට ගෞරව ස්තූතිය පුද කරමි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News