Citizen.lk
 

මත්තල ඉන්දියාවට දෙන අවුරුදු ගාන ගැන රාජ්‍ය ඇමති එරාන් කියයි

මත්තල ඉන්දියාවට දෙන අවුරුදු ගාන ගැන රාජ්‍ය ඇමති එරාන් කියයි |  State Minister Eran says Mattala will be given to India for years
Thu 19 July 2018 3:29 pm
172 views

මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් මේ වසර අවසාන වන විට සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මත්තල ගිවිසුම අවුරුදු 40 කට වලංගු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ඒ අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

මත්තල ගුවන් තොටුපළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 65 ක් බවත් වියදම රුපියල් ලක්ෂ 2900 ක් බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මෙහි එක් වාරිකයක් ගෙවීම සඳහා රුපියල් බිලියන 1.7 ක් වැය වය බවත් එවැනි වාරික තුනක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ඉන්දියා හා ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් සමාගමක් පිහිටුවා ඉන්දියාවට 70% ක් හා ශ්‍රී ලංකාවට 30% ක් වශයෙන් ලබා දී ලාභය ලැබෙන විට එහි අනෙක් පැත්ත සිදුවන බවයි ඒ මහතා කියා සිටියේ.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News