Citizen.lk
 

පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ගැන සිමානිර්ණය කොමිසමෙන් ඉගියක්

පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ගැන සිමානිර්ණය කොමිසමෙන් ඉගියක් | The Commission has been informed of the date of the PC polls
Fri 20 July 2018 5:55 pm
198 views

ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 05 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

පමා වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා කැදවා තිබූ එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් එක්ව සිටියා.

එසේම මැතිවරණ කොමිසමේ සහ සීමානිර්ණ කොමිසමේ සභාපතිවරුන් මෙන්ම නීතිපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඊට සහභාගි වූ බවයි කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News